past pupils association

C.W.W. Kannagara Collage Colombo 08.

පාසලේ දියුණුවට අපේ ශක්තිය

දැක්ම

“දැනුමෙන්, නිපුණතාවයෙන් හා ගුණධර්මවලින් පිරිපුන්, වගකීම් සහගත පුරවැසියන් බිහිකරමින් දැනුමැති හා සාරධර්ම සුරකින සමාජයක් ගොඩනැගීම සඳහා සක්‍රීයව දායක වීම.”

පරමාර්ථය

පාසලේ දියුණුවට අපේ ශක්තිය යන දැක්ම පෙරදැරි කරගනිමින්, විද්‍යාලය හා ආදි ශිෂ්‍ය ප්‍රජාව අතර සමීප සහ ඵලදායී සම්බන්ධතාවයක් ගොඩනඟා පවත්වාගෙන යාම අපගේ ප්‍රධාන පරමාර්ථය වේ.

ඒ අනුව, විද්‍යාලයේ අධ්‍යාපනික, ආගමික, සංස්කෘතික, ක්‍රීඩා, තාක්ෂණික හා විෂය බාහිර ක්‍රියාකාරකම්, නව නිපැයුම් සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය භෞතික සම්පත්, පහසුකම් හා අනෙකුත් අවශ්‍ය සහාය ලබාදීම, ඒවා වැඩිදියුණු කිරීම, සංරක්ෂණය කිරීම සහ තිරසාරව පවත්වාගෙන යාම* සඳහා සක්‍රීයව දායක වීම.

විද්‍යාලයේ වර්තමාන සහ අනාගත පරපුරේ අධ්‍යාපනික හා සමස්ත සංවර්ධනය උදෙසා, ආදි ශිෂ්‍ය ප්‍රජාවේ දැනුම, හැකියාව, අත්දැකීම් හා සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින්, විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවංකව හා වගකීමෙන් කටයුතු කිරීම අපගේ අරමුණයි.

Membership Application

Become a Member of the Past Pupils’ Association

Are you still not registered as a member of the C.W.W. Kannangara Vidyalaya Past Pupils’ Association? Download the registration form below, fill it out, and send it to us together with the membership fee. For more information, please contact us through the phone number provided below.

ඔබ තවමත් C.W.W. කන්නන්ගර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වී නොමැතිද? එසේ නම්, අදම අප හා එක්වන්න!

📌 පහත ලබා දී ඇති සාමාජිකත්ව අයදුම්පත්‍රය බාගත කර නිවැරදිව සම්පූර්ණ කරන්න.

📌 අදාළ ලියාපදිංචි ගාස්තුව සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සංගමය වෙත භාරදීමට කටයුතු කරන්න.

ඔබගේ සාමාජිකත්වය තුළින් විද්‍යාලයේ වර්තමාන සහ අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබට සෘජුවම දායක විය හැකිය.

ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපතිතුමාගේ පණිවිඩය

ආදරණීය කන්නන්ගර ආදි ශිෂ්‍ය සහෝදර සහෝදරියනි,

C.W.W. කන්නන්ගර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපතිවරයා ලෙස, අපගේ ආදරණීය විද්‍යාලයේ අභිවෘද්ධිය, ශිෂ්‍ය සුබසාධනය සහ කන්නන්ගර වටිනාකම් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යාම අප සැමගේ පොදු වගකීමක් බව අවධාරණය කරමි. අපගේ සංගමයේ සියලු කටයුතු විනිවිදභාවය, වගවීම, සාමූහිකත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට විධායක කමිටුව නිරන්තරයෙන් කැපවී සිටී. ආදි ශිෂ්‍යයින්ගේ ශක්තිය, අත්දැකීම් සහ දායකත්වය එකට එක්කරමින් විද්‍යාලයට තිරසාර වටිනාකමක් එක් කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. එබැවින්, සියලු ආදි ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට සංගමයේ ඉදිරි වැඩසටහන් හා සංවර්ධන ව්‍යාපෘති සඳහා සක්‍රීයව දායක වන ලෙස කාරුණිකව ආරාධනා කරමි. අපගේ එකමුතුකම, කැපවීම සහ සහයෝගය තුළින් කන්නන්ගර විද්‍යාලයේ අනාගත පරපුරට වඩාත් යහපත් පරිසරයක් ගොඩනැගිය හැකි බව මම තරයේ විශ්වාස කරමි.

"එක්වෙමු... සේවය කරමු... කන්නන්ගරයේ අභිමානය තවත් ඉහළට ඔසවමු."

ස්තුතියි.

ලලිත් හේවගේ
විධායක සභාපති
C.W.W. කන්නන්ගර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

Scroll to Top