2025 වර්ශයේ ත්‍යාග ප්‍රදානොත්සවයේ විශේෂ අවස්ථා
2025 වර්ශයේ එල්ෆින්ස්ටන් රඟහලේ පවත්වනු ලැබූ ත්‍යාග ප්‍රදානොත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ චාන්ස් ස්පෝර්ට්ස් අධිපතිතුමා ඇතුලු විශේෂ ආරාධනයකින් යුතුව සහභාගී වු අප පාසලේ ප්‍රධාන
ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුළු ප්‍රධාන නිලධාරී මණ්ඩලය සහභාගි වූ විශේෂ අවස්ථා.
2025 ගුරු දිනය සැමරුම
ඔක්තෝම්බර් 06 වන දිනට යෙදී ඇති ලෝක ගුරු දින සැමරුමට සමගාමීව 2025.10.07 දිනයේ විශේෂ උත්සවයක් විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ විද්‍යාලයීය ආදි ගුරුවරුන්ගේ ද සහභාගීත්වයෙන් විදුහල් ශාලාවේදී අති උත්කර්ශවත් ලෙස පැවැත්විනි. විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන් විසින් මෙම ගුරු උපහාර උලෙළ සංවිධානය කර තිබු අතර විද්‍යාලයීය වත්මන් ගුරු මණ්ඩලයට සහ ආදී ගුරුවරුන්ට විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සමග තිලිණයක් පිලිගැන්වීමට විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබුනි. මෙම අවස්ථාවට විද්‍යාලයීය ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති තුමා ඇතුලු නිලධාරි මඩුල්ල ද සහාභාගි වූහ.
ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීම 2025
වත්මන් ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුගෙ ඉල්ලීම පරිදි පාසලේ ක්‍රිකට් ක්‍රිඩාවේ පුහුණු වීම සඳහා අඩුවක් ව පැවැති ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ 2025.09.17 දින පාසල් ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විධායක සභාපතිතුමන් වන ලලිත් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අප පාසලේ විදුහල්පතිනිය වන ශිරාණි විජේතුංග මහත්මිය හට පිරිනැමුනි. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමය නියොජනය කරමින් භාන්ඩාගාරිකතුමා සහ ප්‍රධාන සංවිධායකතුමන් හා විධායක කමිටු සමාජිකයින් ද සහභාගි වු අතර මෙම අවස්ථාවට පාසල නියෝජනය කරමින් සහකාර විදුහල්පතිනිය වන අමිලා කුමාරගේ මහත්මිය සහ සහකාර විදුහල්පතිතුමන් වන සැම්සන් අමරතුංග මහතාද පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නව ක්‍රිකට් ක්‍රීඩා ප්‍රධාන පුහුණුකරු රජිත වීරසිංහ මහතාද සම්බන්ධ වීය.


















































































































































































